Kitchen
සේවරි චිකන් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය : -
කුකුල්මස් 1kgක්
ළූණු ග්‍රෑම් 250
තක්කාලි ග්‍රෑම් 250
අඟලක ඉඟුරු කැබැල්ලක්
සුදුළූණු බික් 2-3
මිරිස්කුඩු තේ හැඳි 1/2
මාජරින්හෝ තෙල් මේස හැඳි 2
තුනපහකුඩු තේ හැඳි 2
කරඳමුංගු ඇට 2
කරාබුනැටි 3
කුරුඳු පොතු කැබැල්ලක්
රම්පෙ
කරපිංචා
රසඅනුව ලුණු
සාදන ක්‍රමය :
තක්කාලි , ළූණු , කුකුල් මස් ලොකුවට කපන්න. බඳුනකට තෙල් දමා ළිප තබා රත් කරන්න. එය රත්වන විට කරපිංචා , රම්පෙ , ඉඟුරු ,සුදුළූණු , කුරුඳු පොතු , කරඳමුංගු , කරාබුනැටි තෙලට දමා බැදෙන්න හරින්න. බැදෙනවිට හාල් දමා එය බැදෙන්න හැර එයට කුකුල් මස් සහ මිරිස් කුඩු , ලුණු, කහ , තුනපහ කුඩු දමා බත ඉදීමට අවශ්‍ය තරමට වතුර හෝ ස්ටොක් දමා බත පිසින්න. බත සැරසීමට බැදගත් ළූණු , සුල්තානා , කජු, කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ දමා සරසා ගන්න.
curtesy :
wadabima.lk